කලවානේ නිව්මෝනියාව පැතිරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

කලවානේ නිව්මෝනියාව පැතිරේ

කලවානේ නිව්මෝනියාව පැතිරේ

මේ දිනවල කලවාන ප්‍රදේශයේ නියුමෝනියා රෝගී තත්ත්වය විශාල වශයෙන් පැතිර යන අතර දෛනිකව නිව්මෝනියා රෝගීන් පහළොස් දෙනෙකු පමණ වාර්තා වන බව කලවාන මූලික රෝහල ප්‍රකාශ කර සිටිනවා.

 

පසුගිය මැයි මාසයේ සිට මෙම රෝගී ව්‍යාප්තිය ආරම්භ වී ඇති අතර මේ දිනවල රෝගීන් හතළිහක් පනහක් අතර ප්‍රමාණයක් රෝහල තුළ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

 

මේ හේතුවෙන් රෝහලේ ඇඳන් ධාරිතාවද ඉක්මවා ගොස් ඇති අතර රෝගී තත්ත්වය සමඟ ඉන්ප්ලුවන්සා වෛරසය පැතිරීම හේතුවෙන් මේ වනවිට කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවද ඔවුන් බහුතරයක් අවුරුදු 80 ට වැඩි පිරිස බවද තවදුරටත් වාර්තා වනවා.

 

පවතින ඖෂධ හිඟය ද හේතුවෙන් රෝගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්වී සිටින බවයි රෝහල් කාර්ය මණ්ඩලය පවසා සිටින්නේ.

views

283 Views

Comments

arrow-up