අලුත් පක්ෂ 40 ක් ලියාපදිංචිය ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

අලුත් පක්ෂ 40 ක් ලියාපදිංචිය ඉල්ලයි

අලුත් පක්ෂ 40 ක් ලියාපදිංචිය ඉල්ලයි

මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම සඳහා නව පක්ෂ 40ක ප්‍රමාණයක් ලියාපදිංචි ඉල්ලා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටිනවා.

 

ලියාපදිංචිය සඳහා පෙරදී පක්ෂ හැත්තෑවක් අයදුම් කර තිබුනත් ඉන් තිහක් ප්‍රතික්ෂේප වී ඇති අතර ඉතිරි 40 සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

 

ඒ අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන මස 4 වනදා ඇරඹීමට තීරණය කර ඇති බවයි මැතිවරණ කොමිසන් සභාව තවදුරටත් පවසා සිටියේ.

 

මෙම නව පක්ෂ සඳහා වසර හතරක කාලය තුළ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ බව සනාථ කළ යුතු අතර ජාතික මතයක් සමාජගත  ගත කිරීම, මත එළිදැක්වීමෙන් සහ මීට පෙර මැතිවරණ වල ඇති සක්‍රීය ක්‍රියා කිරීම යන කරුණු සලකා බලන බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

247 Views

Comments

arrow-up