P.M.B. සහල් හෙට සිට වෙළඳපලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

P.M.B. සහල් හෙට සිට වෙළඳපලට

P.M.B. සහල් හෙට සිට වෙළඳපලට

​​​P.M.B රයිස් යන නාමය යටතේ දැනට ඇති වී තොග උපයෝගී කරගෙන සකස් කළ සහල් වෙළෙඳ පොළට හෙට(27) සිට නිකුත් කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

 

කිලෝග්‍රෑම් පහේ සහ දහයේ ප්‍රමාණයෙන් සකස් කළ සහල් මලු මෙලෙස අලවියට නිකුත් කරන අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම සහල් මලු අලෙවි කරන්නේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ට අයත් අලෙවිසැල් තුනක් හරහා පමණයි.

 

ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යංශයේ විවෘත කර ඇති අලවිසැල් සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වෙළඳ සැල් මගින්ද මෙම සහල ලබාගත හැකියි.

 

වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යෑම පාලනය කිරීමට සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් මෙම ක්‍රියාන්විතය සිදුකරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

291 Views

Comments

arrow-up