කොරෝනා ගැන ජනතාවගේ අවදානය අඩුවෙලා - GMOA
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
13

කොරෝනා ගැන ජනතාවගේ අවදානය අඩුවෙලා - GMOA

කොරෝනා ගැන ජනතාවගේ අවදානය අඩුවෙලා  - GMOA

වර්තමානයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩිවීමක් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අවදානය අඩුවෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

මෙය බරපතළ ගැටලුවක් බවත් එන්නත ලබා දුන්නත් නොදුන්නත් මූලික සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අවශ්‍ය කරුණක් බව සංගමයේ විධායක සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

 

PCR පරීක්ෂණ උපරිම ධාරිතාවකට පැමිණ තිබෙන අතර දත්ත ලැබීමේ ප්‍රමාදය තවදුරටත් පවතින බවත් එම ප්‍රමාදය හරහා රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීම සහ නිරෝධායනය සඳහා යොමුකිරීමේ කටයුතු අඩපණ වීම ඉතාමත් බරපතළ ලෙස පවතින බවත් වෛද්‍ය කොළඹගේ මහතා පැවසීය.

views

656 Views

Comments

arrow-up