බුරවි " බරපතළ කුණාටුවක් වෙන්නත් පුළුවන්" - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

බුරවි " බරපතළ කුණාටුවක් වෙන්නත් පුළුවන්" - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ

බුරවි " බරපතළ කුණාටුවක් වෙන්නත් පුළුවන්" - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ

අද රාත්‍රී 7 සහ 10 අතර ඇතුළු වන බුරවි සුලිකුනාටුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ මව්බිම පුවත්පත, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් විමසීමක් කර තිබෙනවා.

 

එහිදී ලංකාවට මෙතෙක් පැමිණ ඇති සුළි කුණාටු හා සංසන්දනය කිරීමේදී බුරවි සුලිකුනාටුව කොතරම් ප්‍රබල ද යන්නෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබෙන්නේ

"හරියටම මට ඒක කියන්න බැහැ බරපතළ කුණාටුවක් වෙන්නත් පුළුවන්"

ලෙසයි

 

මව්බිම සංවාදයට අදාල ලිපියේ කොටස පහතින් .....

 

බුරවි සුළි කුණාටුවේ ඇති විශේෂත්වය කුමක් ද?

මේ කුණාටුවේ විශේෂත්වය මේක ලංකාව හරහා ගමන් කිරීම.

 

ඉන් ඇති විය හැකි බලපෑම් මොනවා ද?

මේ කුණාටුව නිසා නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ම පැ.කි.මී. 80-90 පමණ සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ම, අපි නිවේදනය කළ ආකාරයේ පැල්පත්වලට හා තාවකාලික ඉදිකිරීම්වලට හානි වීම, වහලවල ඇති තහඩු උළු ආදිය ගැලවී යාම, විදුලි සහ දුරකතන රැහැන්වලට හානි සිදු වීම, ගස්වල අතු කැඩී යාම, මාර්ග අසල ඇති විශාල ගස් ගැලවී යාම සහ ක්ෂණික ජලගැලීම් තත්ත්වයන් ඇති වීම වගේ හානි සිද්ධ වෙන්න පුළුවන්.

 

බුරවි සුළි කුණාටුව ලංකාවට කොපමණ කාලයක් බලපානවා ද?

හෙටින් ඉවරයි. කුණාටුව ලංකාව හරහා ඉන්දියාව දෙසට ගමන් කරනවා.

 

ලංකාවට පැමිණ ඇති සුළි කුණාටු හා සංසන්දය කිරීමේදී බුරවි කුණාටුව ප්‍රබල ද?

හරියට ම මට ඒ ගැන කියන්න බැහැ. බරපතළ කුණාටුවක් වෙන්නත් පුළුවන්. හැබැයි අද දිනයේදී එහෙම තත්ත්වයක් නැහැ.

ලංකාවට ගොඩක් සුළි කුණාටු ඇවිල්ලා තියෙනවා.

මේකත් ඒ වගේ තත්ත්වයක්. මේ කාලෙට සුළි කුණාටු එන්න පුළුවන් ඕනේ වෙලාවක.

 

යම් හෙයකියන් බුරවි සුළි කුණාටුවෙන් ආපදාවක් ඇති වුවහොත් ඊට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇති සූදානම කොහොම ද?

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විදියට අපි බොහොම සූදානමකින් පසුවෙනවා ඇති වෙන ඕනෑ ම තත්ත්වයකට මුහුණ දෙන්න.

මේක බරපතළ කුණාටුවක් වුණත් නැතත් ත්‍රිවිධ හමුදාව, පොලිසිය අපේ සියලු ආපදා අංශ සූදානමින් ඉන්නවා.

 

 

 

 

views

791 Views

Comments

arrow-up