ඩොලර් අවුල නිසා වරායේ ගෑස් නැව් දෙකක් සිරවෙලා - ගෑස් අර්බුදය උග්‍ර අතට

මීට දින පහළොවකට පෙර මෙටි‍්‍රක් ටොන් 3500 බැගින් වූ ගෑස් නෞකා දෙකක් මෙරටට පැමිණි අතර එම නෞකා දෙක නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති නිසා ඒවා තවමත් වරායේ ඇතැයි ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
මේ නිසා රට තුළ බරපතළ ගෑස් හිඟයක් ඇතිවී තිබෙන අතර එම නෞකා දෙක නිදහස් කර ගැනීමට මහා භාණ්ඩාගාරය මැදිහත්වී බැංකුවලින් ඩොලර් ඉල්ලා ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කළේය.
ලාෆ් ගෑස් සමාගමට ගෑස් ආනයනය කිරීමට කිසිදු සහායක් නොලැබෙන බවත් දැනට වෙළෙඳ පොළේ තිබෙන ගෑස් සුළු ප‍්‍රමාණය අවසන් වූ පසු ලාෆ් ගෑස් වෙළෙඳ පොළේ නැති බවත් එහි උසස් නිලධාරියෙක් පැවසීය.
මේ වනවිට ඞීසල් නෞකා දෙකක් නිදහස් කරගෙන ඒවා රටපුරා බෙදාහරිමින් තිබෙන බවත් ප‍්‍රවාහන කටයුතු යම් තරමකට පවත්වාගෙන යන අතරේ ගෑස් ප‍්‍රශ්නය මතුවී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියයි.
මේ අර්බුදයට ප‍්‍රධානම හේතුව රට තුළ පවතින ඩොලර් හිඟය යැයි ද ඊට විසඳුමක් ලැබෙන තුරු ඉන්ධන, ගෑස් ඇතුළු අනෙක් ද්‍රව්‍යවල හිඟය පවතිනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් කියා සිටියේය.
652 Views
Comments