මෝටර් රථය ටිපර් රියේ ගැටී පියතුමා ජීවිතක්‍ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

මෝටර් රථය ටිපර් රියේ ගැටී පියතුමා ජීවිතක්‍ෂයට

මෝටර් රථය ටිපර් රියේ ගැටී පියතුමා ජීවිතක්‍ෂයට

අනුරාධපුර -ත්‍රිකුණාමලය මාර්ගයේ මරදන්කඩවල දී මෝටර් රථයක් වැලි පැටවු ටිපර් රථයකට යටවී සිදුවූ අනතුරකින් එම මෝටර් රථය පැදවූ පියතුමෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි.

 

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, මධ්‍යම පාර, අයේෂ ලිපිනයෙහි වාසය කළ ගනේෂ පිල්ලේ නිතිදාසන් නැමැති 49 හැවිරිදි පියතුමෙකි.

 

මියගිය පියතුමා වවුනියාව ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය දක්වා මෝටර් රථයෙන් ගමන් කොට ඇති බව පොලිසිය පවසයි.

 

අනතුර සිදුවන අවස්ථාවේ පියතුමා පමණක් මෝටර් රථය තුල සිට ඇති බවත් ඔහු විසින් රථය පදවා ඇති බවත් පොලිසිය කියයි.

 

අනතුරෙන් මියගිය පියතුමා බේරා ගැනීමට සුවසැරිය ගිලන් රථයද එම ස්ථානයට ගෙන්වා ඇති අතර ටිපර් රථයට යටවූ මෝටර් රථය එළියට ගැනීමට පොලීසිය සහ ප්‍රදේශවාසීන් පැයකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එළියට ගන්නා විට ඔහු මියගොස් සිටි බව පොලිසිය පැවැසීය.

views

618 Views

Comments

arrow-up