අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානයේදී පාප් වහන්සේ බැහැදකී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානයේදී පාප් වහන්සේ බැහැදකී

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානයේදී පාප් වහන්සේ බැහැදකී

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඊයේ (28) පෙරවරුවේ වතිකානුවේදී ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැක පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ පරීක්‍ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.



වතිකානු නුවර ශාන්ත පීතර චතුරශ‍්‍රයේදී ඊයේ පෙරුවරු 11.00 ට මෙම හමුව සිදුව ඇත. පැයක පමණ කාලයක් කාදිනල්තුමන් සහ පාප්වහන්සේ අතර සාකච්ඡා සිදු කෙරුණු බව ඉතාලියේ කිතුනු සිවිල් සංවිධාන සදහන් කරයි.



මෙම හමුවෙන් අනතුරුව මැල්කම් රංජිත් කාදිනල්තුමන් පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලමින් ජාත්‍යන්තරයට කරුණු දැක්වීම සදහා ජිනීවා නුවරට යෑමට නියමිත බවද ඔවුහු සදහන් කරති.



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 49 වැනි සැසිවාරය මේ වන විට ආරම්භ වී ඇති අතර එම සැසිවාර අතරතුර පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාමකාමී විරෝධයක යෙදීමට ද විදේශගත කිතුනු ප‍්‍රජාව සූදානමින් සිටී.

views

630 Views

Comments

arrow-up