එල්.එන්.ජී බලාගාරය දුන්නේ ඇමෙරිකානු සමාගමකට මිසක් ඇමරිකාවට නොවේ - විමල් වීරවංශ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

එල්.එන්.ජී බලාගාරය දුන්නේ ඇමෙරිකානු සමාගමකට මිසක් ඇමරිකාවට නොවේ - විමල් වීරවංශ

එල්.එන්.ජී  බලාගාරය දුන්නේ ඇමෙරිකානු සමාගමකට මිසක් ඇමරිකාවට නොවේ - විමල් වීරවංශ

නොරොච්චෝල LNG බලාගාරය ඇමරිකාවට ලබා දීමට යන බව විපක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධයක් පළ කරන ලදී.

 

 

පසුගිය සමයේ දැඩි ඇමරිකානු විරෝධී මතයක් මතයක් ප්‍රකාශ කළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී විමසීමක දී එතුමා ප්‍රකාශ කර සිටියේ LNG බලාගාරය ඇමරිකාවට දීමක් සිදු නොවී ඇති බවත් දී ඇත්තේ ඇමරිකානු සමාගමකට පමණක් බවත් ය.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා “ඇමරිකාවට දීමක් නෙවෙයි එතන තියෙන්නෙ ඇමරිකානු සමාගමකට දීමක්. ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නෙ මුදල් අමාත්‍යාංශය සතුව තිබිච්ච කොටස් ප්‍රමාණය විතරයි එතෙන්දී දීලා තියෙන්නෙ. ඒ ඇරෙන්න විදුලිබල මණ්ඩලය සතු කොටස් හෝ අනෙකුත් කොටස් කිසිම ආකාරයකින් ඒ සමාගමට දීලා නෑ.රට මුහුණ දීලා තිබෙන විදේශ විනිමය අර්බුදයත් එක්ක තමයි ඒ ඇතැම් පියවර ගැනීමට සිදුවී තිබෙන්නෙ. ඒක තමයි ඒ පියවර සාධාරණීකරණය කිරීම සඳහා ජනාධිපතිතුමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කාරණය වුණේ”ප්‍රකාශ කර ඇත.

views

968 Views

Comments

arrow-up