වාහනවලට මිල සූත්‍රයක් – ලංකාවේ වාහන මිළට රජය කරන දේ මෙන්න

වාහන ආනයනය තහනම් කිරීමත් සමග අලෙවිසැල්වල ඇති ඒවා අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබීම හේතුවෙන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලැසුම් කර තිබෙනවා.
ඊට අමතරව මිල පාලනයක් ඇති කර පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒවා පරික්ෂා කිරීමට ද තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ණයවර ලිපි (LC) ආරම්භ කළ දින සිට වාහනවල වැඩිවන මිල ගණනක් එකතු කර වෙළෙඳපලේ ඇති කාලයට වාහනයේ මිල සඳහා පොලියක් එකතු කර උපරිම මිලක් යටතේ අලෙවි කළ හැකි මිල තීරණය කිරීමට සැලැසුම් කර තිබෙනවා.
ඇතැම් බටහිර රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මකයි.
771 Views
Comments