කැනඩා වීසා දෙන බව කියා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
30

කැනඩා වීසා දෙන බව කියා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට

කැනඩා වීසා දෙන බව කියා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට

කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට විවිධ ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිළි තුනකට අනුව සිදුකළ වැටලීමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

 

අවම ලේඛන සංඛ්‍යාවක් සහිතව කැනඩා රටට වීසා ලබාදෙන බවට සඳහන් කරමින් ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළ කරමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ජාවාරමේ නිරත වී ඇති බව වාර්තා වෙයි.

 

මෙම වංචාවට හසුවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වල පවතින මුදල් ඔන්ලයින් පහසුකම යටතේ වෙනත් ගිණුම් සඳහා යොමුකරගෙන ගිණුම් හිමි පුද්ගලයා සහ දුරකථන සමාගම් රවටා මෙම ජාවාරම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඳාන, මාරවිල, රද්දොළුගම, මැල්සිරිපුර සහ ගල්කුලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

 

මෙවැනි වංචා සඳහා හසු වූ තැනැත්තෙක් සිටී නම් 0112 326 979 දුරකථන අංකය ඔස්සේ තොරතුරු දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලාසිටියි.

 

views

797 Views

Comments

arrow-up