මහනුවර සිදුවීම ස්වභාවික භූ කම්පනයක් නොවෙයි !
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
30

මහනුවර සිදුවීම ස්වභාවික භූ කම්පනයක් නොවෙයි !

මහනුවර සිදුවීම ස්වභාවික භූ කම්පනයක් නොවෙයි !

මහනුවර, හාරගම ප්‍රදේශයෙන් ඊයේ (29) රාත්‍රියේ වාර්තා වූ කම්පන තත්වය ස්වභාවික භූ කම්පනයක් නොවන බවත් එහෙයින් ජනතාවට බිය වියයුතු කිසිවක් එහි නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් පතල් හා භූ විද්‍යා කාර්යාංශය පවසයි.

 

එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා...

 

"රාත්‍රී 08.32ට පමණ මහනුවර හාරගම ප්‍රදේශයෙන් - අපේ භූ කම්පන මධ්‍යස්ථානය තියෙන්නෙ පල්ලෙකැලේ - ඒකෙ සටහනක් විතරක් වෙලා තියෙනවා. මේක ඇත්තටම භූ කම්පනයක් නොවෙයි. භූ කම්පනයක් ආවා නම් අපේ මධ්‍යස්ථාන 5ක් තියෙනවා මිහින්තලේ, පල්ලෙකැලේ, හක්මන, පුත්තලම සහ කොළඹ. මේක සටහන් වෙලා තියෙන්නෙ පල්ලෙකැලේ විතරයි.

 

මේක භූ කම්පනයක් නෙවෙයි, භූ කම්පනයක් සිදුවෙනවා නම් මාපක අගය 2.0කට වඩා වැඩි වෙනවා නම් විතරයි භූ කම්පනයක් හැටියට සලකන්නේ. අනිත් එක එහෙම දෙයක් රට තුළ සිදුවුණා නම් අපේ මධ්‍යස්ථාන පහේම මේක සටහන් වෙනවා. එහෙම සටහන් වෙලා නෑ කියන්නෙ මේක ඇත්තටම භූ කම්පනයක් නෙවෙයි.

 

මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් අපි සැලසුම් කරලා තියෙනවා. කිසිසේත්ම මේ සම්බන්ධයෙන් බිය වියයුතු නෑ. එහෙම දෙයක් තියෙනවා නම් අපට කලින් දැනුවත් කරන්න හැකියාවක් තියෙනවා.

 

මොකද මෑත කාලයේ සමහරක් තැන්වල පොළව රත්වීමත් එක්ක ගෙවල්වල ටයිප් පිපිරීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ ඇරෙන්න ස්වභාවික භූ කම්පනයක් නෙවෙයි. කිසිදු බියක් ඇති කරගත යුතු නෑ කියන එක මම බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා" යනුවෙනුයි පතල් හා භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

views

876 Views

Comments

arrow-up