ඩකා නුවර සිට කොළඹට බෝට්ටු සේවයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

ඩකා නුවර සිට කොළඹට බෝට්ටු සේවයක්

ඩකා නුවර සිට කොළඹට බෝට්ටු සේවයක්

කොළඹ සහ බංගලාදේශයේ ඩකා නුවර අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට මේ වන විට දෙරටේම අවධානය යොමුව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

 

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහාකොමසාරිස්වරයා සහ සංචාරක අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා අතර සංචාරක අමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී  මේ බව සාකච්ඡාවිය.

 

ඒ අනුව ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට බංග්ලාදේශ මහකොමසාරිස්වරයා සහ සංචාරක අමාත්‍යවරයා අතර එකඟත්වය පළවී තිබේ.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මාර්තු මාසයේ බංග්ලාදේශයේ නිළ සංචාරයක නිරත වු අවස්ථාවේදී දෙරට අතර සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට තීරණය වූ බව බංගලාදේශ මහ කොමසාරිස්වරයා මෙහි දි කියා සිටියේය. 

 

අදාළ ගිවිසුම මේවන විට කෙටුම්පත් කර ඇති බවත් ඉතා කඩිනමින් එය අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් බංගලාදේශ මහකොමසාරිස්වරයා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය. 

views

737 Views

Comments

arrow-up