කොළඹ - හලාවත මාර්ගය මීගමුව - ගල්කන්ද හන්දියෙන් වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
06

කොළඹ - හලාවත මාර්ගය මීගමුව - ගල්කන්ද හන්දියෙන් වසා දැමේ

කොළඹ - හලාවත මාර්ගය  මීගමුව - ගල්කන්ද හන්දියෙන්  වසා දැමේ

කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ මීගමුව - ගල්කන්ද හන්දිය වසා තැබෙන බව පොලිසිය පවසනවා.

 

අද සිට දින 02 ක කාලයක් මෙම මාර්ගය මීගමුව - ගල්කන්ද හන්දියෙන් වසා දමා තිබෙනවා ඒ, එම ස්ථානයේ දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියාවක් හේතුවෙන්.

 

විකල්ප මාර්ග සඳහා රියදුරන් යොමු කිරීමට අදාළ ස්ථානයේ පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය පැවසුවේ.

 

මාර්ගය වසා තැබෙන කාල සීමාව තුළ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට කටුනායක දක්වා පමණක් සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

views

782 Views

Comments

arrow-up