භූමිදානය කළ යුතුමයි කියා කුරාණයේ සඳහනක් නැහැ; මෙය අරාබි චාරිත්‍රයක් - උදය ගම්මන්පිල

මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් භූමිදානය කළ යුතුමයි කියා කුරාණයේ සඳහන් කර නොමැති බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මේ බව කියා සිටියා.
එම කරුණ කුරාණයේ කුමන ස්ථානයේ සඳහන් වනවාද යන්න ඉදිරිපත් කරන ලෙස ඒ පිළිබඳව හඬ නගන මුස්ලිම් මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ආරාධනා කර සිටියා.
"අපි කවදාවත් මියගිය කොවිඩ් රෝගීන් ආදාහනය කළ යුතුයි කියලා බලපෑම් කළෙත් නෑ, භූමදානය කරන්න එපාය කියලා බලපෑම් කළෙත් නෑ. විශේෂඥ මතය මොකක්ද, රටේ නීතිය මොකක්ද, අන්න ඒකට ගරු කළ යුතුයි කියන ස්ථාවරයේ අපි හැමදාමත් හිටියේ.
හැබැයි මුස්ලිම් දේශපාලකයන් දැඩිව කියනවා අපේ ආගමට අනුව ආදාහනය කිරීම දේව කැමැත්ත පටහැනියි කුරාණය කියා ඇත්තේ භූමිදානය පමණයි කියලා. මම මේ කාරණය නිසා කුරාණය මුල සිට අගට දෙපාරක් කියෙව්වා. පස්වන පරිච්ඡේදයේ හරි අපූරු දෙයක් තියෙනවා. ආදම්ගේ පුතුන් දෙදෙනා අතර ඇතිවුණ ගැටුමෙන් එක් පුතෙක් මරණයට පත් වෙනවා. කුරානය අනුව ලෝකයේ පළවෙනි මරණය. මේ දේහයට මොකක්ද කරන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා . 31ඡේදයේ කියනවා දෙවියන් වහන්සෙ කුරුල්ලෙක් ඒවලා කුරුල්ලා බීම කොටලා ඉගි කරනවා මෙම දේහය පස් වලින් ආවරණය කළ යුතුයි කියලා. ඔතන තමයි මේ ආදාහනය ගැන තියෙන්නේ. හැබැයි මේ කුරාණනය කියෙව්වම දැක්ක දෙයක් තමයි මේක තියෙන්නෙ තිස්එක් වෙනි ඡේදයේ එතන අනිවාර්යයෙන් කළ යුතු දෙයක් විදියට භූමිදානය සඳහන් වෙන්නේ නැහැ. කුරාණයේ කොතනවත් ආදාහනය තහනම් කළ දෙයක් හරාම් දෙයක් විදිහට ආදානය සඳහන් වෙන්නෙ නෑ. මුස්ලිම් බැතිමතුන්ගේ විවාහය සම්බන්ධයෙන් ආහාර පිළිගැනීමේදී විවිධ කාරණා වලදී ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් හරාම් දේවල් මොනවද හලාල් දේවල් මොනවද කියලා කුරාණයේ සඳහන් වෙනවා. හැබැයි භූමිදානය අනිවාර්යයෙන් කළ යුතු දෙයක් ය ආදාහනය අනිවාර්යෙන් නොකළ යුතු දෙයක් කියලා මා කියවූ කුරාණයේ කිසිම තැනක සඳහන් වෙලා නෑ.
මම කුරාණය පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි. කුරාණනය පිළිබඳ විද්වතෙක් නෙවෙයි. මම ඒ නිසා ආරාධනය කරනවා මේ ගැන හඬ නගන අපේ මුස්ලිම් මන්ත්‍රිවරුන්ට කුරාණයේ කොතනද ආදාහනය හරාම් කියලා අනිවාර්යෙන් භූමිදානය කළ යුතුයි කියලා සඳහන් වෙන්නේ කියලා අපිට කියන්න කියලා. අපි ආරාධනා කරනවා. එහෙම නම් මේක චාරිත්‍රයක් අරාබි සංස්කෘතිය සමග ගැට ගැසුණු. දැන් ඔය පලවෙනි මරණය සිද්ධ වෙන වෙලාවේ ගින්දර සොයා ගෙන නොතිබුණා වෙන්න එපැයි. එවැනි පසුබිම තිබුණු චාරිත්‍රයක්. ඒ නිසා චාරිත්‍ර පිළිබඳ ගත්තොත් හැම ආගමේම චාරිත්‍රතියෙනවා. හැබැයි ඒ චාරිත්‍ර අමතක කරලා අපට සෞඛ්‍ය බලධාරීන්ට අවනත වෙන්න සිද්ධ වෙනවා කියලා සිහිපත් කරන්න ඕන."
997 Views
Comments