ජැක්සන් ඇන්තනීට පැය 7ක සැත්කමක්

පසුගියදා රිය අනතුරකට ලක්වු ජැක්සන් ඇන්තනී මහතාට අද(07) කොළඹ ජාතික රෝහලේ දී පැය 7ක ශල්‍යකර්මය සිදුකර ඇති බව වාර්තා වෙනවා.
ඒ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ ගෙලෙහි පසුපස කොටසේ කශේරුකාවන් වල සිදුවී තිබූ හානිය සකස් කිරීම සඳහායි.
ඉන් අනතුරුව ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති බවත් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් වෛද්‍ය අංශ පවසා සිටිනවා.
මෙම අනතුරින් ඔහුගේ ඉල ඇටවලට ද තදබල හානි සිදුවී ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් හෙට දිනය තුළ දී ලබාගත හැකි බවයි ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කර සිටියේ.
275 Views
Comments