බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබු මළ සිරුර

පානදුර, අලුබෝමුල්ල බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබී ආබාධිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා පරිහරණය කළ බව කියන ආබාධිත පුද්ගලයන් පරිහරණය කරන රෝද තුනේ පා පැදියක් හා අත්වාරුවක් බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසල තිබී හමුවී තිබේ.
මියගිය පුද්ගලයා මීට දින දෙකකට පමණ ඉහතදී බොල්ගොඩ පාලම අසල තිබෙන විහාරස්ථානය ඉදිරිපිට සිට එහි පැමිණෙන බැතිමතුන්ගෙන් සිඟමන් යදිමින් සිටි බව අනාවරණය වූ බව පොලිසිය පවසයි.
එම පුද්ගලයා බොල්ගොඩ පාලම මතින් ගඟට පැන්නාද, වැටුණාද, යන්න ස්ථිර වශයෙන් කිව නොහැකි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය වැඩිදුර විමර්ශන සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
837 Views
Comments