දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණ සමරුව අගමැතිගේ ප්‍රධානත්වයෙන් (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණ සමරුව අගමැතිගේ ප්‍රධානත්වයෙන් (PHOTOS)

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණ සමරුව අගමැතිගේ ප්‍රධානත්වයෙන් (PHOTOS)

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වෙනි ගුණ සමරුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද 2020.11.06 දින තංගල්ල, ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී පැවැත්විණි.

 

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ගුණ සමරු උත්සවය පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, සීමිත සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් හා ඉතාමත් චාම් ආකාරයෙන් පැවැත්විණි.

 

තංගල්ල පොලොම්මාරුව පුරාණ වනවාසී, කුඩා විහාරයේ විහාරාධිකාරී, ධම්මධින්න මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී, විශ්‍රාමික පිරිවෙන් සහකාර, අධ්‍යාපන අධ්‍යක්ෂ, ශාස්ත්‍රවේදී, පණ්ඩිත, මණ්ඩාඩුවේ ධීරාණන්ද නාහිමියෝ මෙහිදී ආගමික වතාවත් පැවැත්වූහ.

 

රත්මලාන චක්කින්දාරාමය, තංගල්ල වජිරගිරි විහාරය, උභය විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ අධිකරණ සංඝනායක, මිරිස්සේ ධම්මවංශ නාහිමියෝ බෞද්ධ අනුශාසනාව පැවැත්වූහ.

 

අනතුරුව දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පිළිරුවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ සාමාජිකයෝ පුෂ්පෝහාර දැක්වූහ.

 

ගුණ සමරුවට එක්ව සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්වරු දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීමට එක්වූහ.

 

දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා හා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක මහත්වරු ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පිළිරුවට කුරහන් මල් මාලයක් පැළැන්දූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

687 Views

Comments

arrow-up