ATM කාඩ්වලින් ලක්ෂ 50ක් සොරකම් කරලා, බැංකු 8ක කාඩ් 30ක් සමඟ අත්අඩංගුවට, වංචාව කළේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

ATM කාඩ්වලින් ලක්ෂ 50ක් සොරකම් කරලා, බැංකු 8ක කාඩ් 30ක් සමඟ අත්අඩංගුවට, වංචාව කළේ මෙහෙමයි

ATM කාඩ්වලින් ලක්ෂ 50ක් සොරකම් කරලා,  බැංකු 8ක කාඩ් 30ක් සමඟ අත්අඩංගුවට, වංචාව කළේ මෙහෙමයි

රාජ්‍ය හා පෞද්ගලික බැංකු 08කට අයත් ATM කුටිවලින් වරින් වර උපක්‍රමශීලිව පුද්ගලයින්ගේ ATM කාඩ්පත් සොරාගෙන එම ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙක් කඩුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු මෙලෙස සොරාගෙන ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 50කට අධික බව වාර්තා වේ.

 

කඩුවෙල ප්‍රදේශයේ ATM කුටි තුළ රැඳී සිටින පුද්ගලයන්ගේ ATM කාඩ්පත් වංචනික ලෙස සොරකම් කරන බවට කඩුවෙල පොලිසියට පැමිණිලි ලැබී තිබූ පැමිණි කිහිපයක් මත CCTV දර්ශන උපයෝගී කරමින් පොලිසිය අදාළ විමර්ශන ආරම්භ කර තිබුණි.

 

එහි දී අනාවරණය වූයේ අදාළ පුද්ගලයා ATM යන්ත්‍රය අසලට පැමිණ තම කාඩ්පත යන්ත්‍රය තුළ සිර වූ බව පවසා ඊළඟට පැමිණෙන පුද්ගලයාගෙන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය බලා ගැනීමට යැයි පවසා ඔහුගේ ATM කාඩ්පත ඉල්ලා ගනී.

 

එහිදී අංකය දුරකතනයේ සටහන් කරගන්නා මුවාවෙන් ක්ෂණිකව ඊට සමාන වෙනත් කාඩ්පතක් එහි හිමිකරු ලබා දෙයි.

 

ඉන්පසුව ඇමතුමක් ගන්නා මුවාවෙන් අනෙක් පුද්ගලයාගේ කාඩ්පතේ රහස් අංකය නිරීක්ෂණය කරයි.

 

එම කාඩ්පත ව්‍යාජ එකක් බැවින් මුදල් ගැනීමට නොහැකි වීම නිසා ඔයා පිටව යන විට සැකකරු ද ත්‍රීරෝද රථයකින් පිටව යයි.

 

පසුව සොරකම් කරන ලද ATM කාඩ්පත උපයෝගී කරගෙන වෙනත් ATM යන්ත්‍රයකින් එහි ඇති සියලු මුදල් ලබාගනී.

 

කඩුවෙල පොලිසිය විසින් බැංකු කිහිපයක CCTV දර්ශන  උපයෝගී කරගනිමින් මෙලෙස සොරකමේ නිරත වූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු මල්වාන සහ සේදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින 32 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඔහු මත්කුඩුවල ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවට වාර්තාවේ.

 

අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබී රාජ්‍ය හා පෞද්ගලික බැංකු 08කට අයත් ATM කාඩ්පත් 30ක් සොයාගෙන ඇත.

 

සැකකරුවන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙලිවී ඇත්තේ ඔහු විසින් මාලඹේ බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අවස්ථා 40කදී පමණ ලක්ෂ 50කට අධික මුදලක් වංචනික ලෙස සොරාගෙන ඇති බවයි.

 

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

views

328 Views

Comments

arrow-up