අනුර අද ෆයිල් එළියට අදියි “3% බින්දුවට බස්ස ගන්නේ නැතිව බයිලා නොගහා ෆයිල් තියෙනවනම් එළියට දාන්න” ඉරාජ් අනුරට කියයි

රාජපක්ෂ පවුලේ සහ දූෂිත මැති ඇමතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුරු එළියට දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පැවසුවේ.
ඒ අනුව එම ෆයිල් එළියට දමන දිනය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි.
සමාජ මාධ්‍ය හරහා ඊයේ දිනයේදී ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව මැයි 03දා උදේ 10ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකරන බවයි.
ඔහුගේ පළකර තිබු සටහන පහතින්,
මේ අතර අනුර කුමාර දිසානායක පැවසූ ආකාරයටම අද(03) දූෂණ සම්බන්ධයෙන් වන ලිපි ගොනු රට හමුවේ ඉදිරිපත් කරන ලෙසත් එසේ නොමැතිවුවහොත් ජනතා විමුක්ති පෙරමුණට තිබෙන සියයට 3% ඡන්ද ප්‍රතිශතය සියයට 0ක් දක්වා පහලට වැටෙනු ඇති බවත් ඉරාජ් වීරරත්න පවසයි.
බයිලා අනවශ්‍ය බවත් ෆයිල් එලිට නොදන්නේ නම් අනුර කුමාර මහතා රජපක්ෂලා සමග ඩීල් එකක සිටින බවට විශ්වාස කිරීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ඔහු සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසයි.
1000 Views
Comments