පුතාගේ මරණය ඝාතනයක් බවට සාක්ෂිත් අරන් පොලීසි ආ මව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

පුතාගේ මරණය ඝාතනයක් බවට සාක්ෂිත් අරන් පොලීසි ආ මව

පුතාගේ මරණය ඝාතනයක් බවට සාක්ෂිත් අරන් පොලීසි ආ මව

වැටීමකින් හිස තුවාලවී ඇති බවට සඳහන් කරමින් රෝහල්ගත කර සිටියදී ජීවිතක්‍ෂයට පත්වූ සිය පුතාගේ මරණය පහරදීමකින් වූවක් බවට ඇසින් දුටු සාක්ෂි තිබෙන බව පවසා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලමින් හඬාවැටුණ මවක් කරන ලද පැමිණිල්ලක් අනුව තෙබුවන පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.


 
 තෙබුවන ක්ලයිඩ් වත්තේ පදිංචි කාලිමුත්තු ගුණමදී නමැති කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂණ ආරම්භකොට ඇත.


 
 පැමිණිලිකාරියගේ පුතු වන කාලිමුත්තු බාල ක්‍රිෂ්ණන් නමැති අය පසුගිය 24 වනදා වැටීමකින් හිසට තුවාල සිදුවූ සඳහන් කරමින් රෝහල්ගත කර සිටියදී මියගොස් ඇතැයි රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසීය. 

 

ඒ අනුව මරණ පරීක්ෂණය සිදු කිරීමට යන අවස්ථාවේ තම පුතුට තවත් පුද්ගලයෙකු පොල්ලකින් පහරදුන් බවට ඇසින් දුටු සාක්ෂියක් ඇති බවට පැමිණිලිකර ඇතැයි පොලිසිය පවසයි. 

 

තවත් පුද්ගලයකු පොල්ලකින් පහරදෙන අයුරු ඇසින් දුටුවේ යැයි කියන පුද්ගලයාගෙන් ප‍්‍රකාශ ලබාගෙන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මතුගම අධිකරණයට කරුණු වාර්තා කරන බව තෙබුවන පොලිසිය පැවසූ අතර තෙබුවන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

views

30938 Views

Comments

arrow-up