මාලිගාවත්තේ පුද්ගලයකු කපා කොටා මාරාන්තික තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
08

මාලිගාවත්තේ පුද්ගලයකු කපා කොටා මාරාන්තික තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

මාලිගාවත්තේ පුද්ගලයකු කපා කොටා මාරාන්තික තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මාලිගාවත්ත ලක්සිරි සෙවණ නිවාස සංකීර්ණය අසල ක්‍රීඩාංගනයේ දී පුද්ගලයකු කපා කොටා මාරාන්තික තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පෙරේදා (07) රාත්‍රියේ කොළඹ 12 කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ පිහි ඇනුමක් සම්බන්ධ සිද්ධියකට අදාළව විමර්ශන සිදුකරන අවස්ථාවේ දී මාලිගාවත්ත සුසාන භූමිය අසල දී සැකසහිත ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර තිබේ.

 

එහි දී ත්‍රීරෝද රථයේ පුද්ගලයන් 05 දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු පළාගොස් ඇති අතර පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ත්‍රීරෝද රථය හා අපරාධය සිදුකිරීමට ගෙන ආ බවට සැක කෙරෙන ආයුධ කිහිපයක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

 

ප්‍රරහාරයට ලක් වූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

 

views

386 Views

Comments

arrow-up