“මර්දනය තියෙන තුරා රටට සල්ලි එවන්න එපා” - ෆොන්සේකා ඉල්ලයි

අහිංසක දරුවන් මර්දනය කරන ත්‍රස්තවාදය පවතිනතුරු එක සත පහක් හෝ මේ රටට නොඑවන්නයි විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීලිඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ඊයේ(01) පැවසීය.
අරගලයේ නිරත දරුවන්ට හිරිහැර කරන ආරක්ෂක නිලධාරීන්ට තම රජයක් යටතේ දැඩි දඬුවම් දෙන බවත් ඔහු කීවේය.
ෆොන්සේකා මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
රටේ අරගලය අවසන් නොමැති බවත් එය අළු යට ගිනි පුගුරු සේ මතුවෙමින් තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එම ගිනි පුගුරු මතුවීමට තමා ශක්තිය ලබාදෙන බව පැවසූ සරත් ෆොන්සේකා අරගලයකින් තොරව මේ රට දූෂිතයන්ගෙන් බේරාගත නොහැකි බවත් සඳහන් කළේය.
අරගලය ඉදිරියට ගෙන යා යුතු බව හෙතෙම පැවසීය.
අරගලය පොහොට්ටුවේ අයගේ ඇඟේ නැති වුණාට බඩේ මෙන්ම ඔවුන්ගේ කුස්සියේ තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා කවදා හෝ ඔවුනටද අරගලයට පැමිණීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
මර්දනයට ලක්ව සිටින දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වන්නැයි තමා නීතිඥ ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් හෙතෙම පැවසුවේය.
231 Views
Comments