“රාජ්‍ය අමාත්‍ය ධූරයට එන්න කෝටි 50ක් දුන්නා” - රොෂාන් රණසිංහගෙන් හෙලිදරව්වක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
03

“රාජ්‍ය අමාත්‍ය ධූරයට එන්න කෝටි 50ක් දුන්නා” - රොෂාන් රණසිංහගෙන් හෙලිදරව්වක්

“රාජ්‍ය අමාත්‍ය ධූරයට එන්න කෝටි 50ක් දුන්නා” - රොෂාන් රණසිංහගෙන් හෙලිදරව්වක්

මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය තමාගෙන් ඉවත් කොට වෙනත් අයෙකුට ලබා දුන්නේ රුපියල් කෝටි 50ක් දීමෙන් යැයි හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ සඳහන් කළේය.

 

ඊට හේතුව වූයේ රොෂාන් රණසිංහ එම අමාත්‍ය ධුරයේ සිටියහොත් තමාගේ අයියාගේ දේශපාලනයට තර්ජනයක් වන නිසා බවද හෙතෙම කීය.

 

“මේ විදිහයට කෝටි 50කට ඇමතිකමක් විකිණෙන්නත් ඒ කෝටි 50 කවුද ගත්තේ කියලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේදී පැවති මැයි රැළියට සමගාමීව පළාත් සභා නියෝජිතයින් එක්ව සංවිධානය කර තිබූ මැයි රැලි රැස්වීම්කදීය.

views

781 Views

Comments

arrow-up