බිරිඳ රට ගිය තරහට දික්කසාද වෙන්න සිටි සැමියා බිරිඳව පිහියෙන් ඇන මරා ළිඳට පනී

පවුල් ආරාවුලක් හේතුවෙන් වෑබොඩ උතුර ප්‍රදේශයේ නිවසක් තුළ පෙරේදා(24) රාත්‍රියේ සැමියා විසින් තම බිරිඳගේ ගෙලට පිහියෙන් ඇන මරා දමා තිබේ.
මෙහිදී සැමියාගේ පිහි පහරවලින් තුවාල ලැබූ බිරිඳගේ සොහොයුරියක් හා මිතුරියක්ද ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර මෙම සිද්ධියෙන් අනතුරුව සැකකාර සැමියා නිවස අසල ළිඳකට පැන සියදිවි නසා ගැනීමට තැත් කර ඇිති අතර අසල්වාසීන් විසින් ඔහුව බේරා ගෙන තිබේ.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වෑබොඩ -උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි අප්සරා කල්පනී විමලසිරි නමැති 33 හැවිරිදි කාන්තාවකි.
මේ සැකකාර සැමියා මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචි 37හැවිරිදි පුද්ගලයෙකු වන බව පොලිසිය පවසයි.
මෙම සැමියා හා බිරිඳ උපාධිධාරින් වන අතර ඔවුන් නවසීලන්තයට යෑමට සූදානම් වී සිටින අවස්ථාවේ සැමියාට කොරෝනා වෛරසය වැළදී ඇත.
එම අවස්ථාවේ බිරිඳ පමණක් නවසීලන්තයට ගොස් ඇති අතර පසුව ඔවුන් දෙදෙනා අතර නිතර බහින් බස් වීම් ඇති වී තිබෙන බවට හෙළි විය.
ඒ හේතුවෙන් ඔවුන් දික්කසාද වීමට සිටි බව කියැවේ.
මෑතකදී බිරිඳ දිවයිනට පැමිණ තිබෙන අතර මේ බව දැනගත් කැකණදුර ප්‍රදේශයේ සිටි සැකකාර සැමියා රහසිගතව පෙරේදා(24) රාත්‍රියේ නිවසට පැමිණ එම අපරාධය සිදු කර ඇත.
වැලිවේරිය පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
904 Views
Comments