ඉන්ධන බෙදාහැරීම අද සිට සාමාන්‍ය පරිදි - අනිද්දා සිට විදුලිය කප්පාදුවක් නෑ?

අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.
පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කෙරිණ.
මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව නිලධාරීහු සඳහන් කළහ.
දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරේ. එබැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස, නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
698 Views
Comments