පුරාවිද්‍යා ගල්කණු ගැලවූ පොහොට්ටු මන්ත්‍රීට වැඩ වැරදුණු හැටි (PHOTOS)

මුලතිව් තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ ඉපැරණි පුරාවිද්‍යා වටිනාකමක් යුතු බවට සැලකෙන ගල්කනු ගලවා රැගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම සංවිධායකවරයෙකුද වන හිටපු පලාත් සභා මන්ත්‍රී ඇතුලු 10 දෙනා ලබන මාර්තු මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතා නියෝග කළේය.
තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ කිසියම් පිරිසක් නිධානයක් ගැනීමට උත්සහ කරන බවට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 64වන පාබල සේනාංකයේ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් මත එම මූලස්ථානයට අයත් යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ වැටලීමක් සිදුකරනු ලැබීය.
එම වැටලීමේදී හිටපු පලාත් සභා මන්ත්‍රීවරයා ඇතුලු කාන්තාවක්ද ස`මගින් 10 දෙනෙකු විසින් ඉපැරණි ගල්කනු දෙකක් වැව් රක්ෂිතයේ සිට රැගෙන යාමට උත්සහ ගනිමින් සිටියදී පිරිස ඇතුලු වාහන අත්අඩංගුවට ගැනීමට යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.
පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැලකෙන අඩි 06කට ආසන්න උසින් යුත් ගල්කනු දෙකේ පුරාණ හස්ති පා සලකුණුද පිහිටා ඇතැයි වාර්තාවේ.
සැකකරුවන් පැමිණි මෝටර් රථයක්, ලොරියක් සහ කුඩා දොඹකරයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වූ හිටපු පලාත් සභා මන්ත්‍රීවරයා පොලීසියට පවසා තිබෙන්නේ අදාල ගල්කනු පෞරානික ඒවාද යන්න තමන් නොදන්නා බවත් එය වව්නියාව ප්‍රදේශයේ සිය සේවාව වෙනුවෙන් ඵලකයක් නිර්මාණය කිරීමට රැගෙන ගිය බවත්ය.
අත්අඩංගුවට ගත් ගල් කනු පුරාවිද්‍යා වටිනාකමක් ඇත්තේද යන්න සොයා බලන බවටත් සැකකරුවන් නිධානයක් ගොඩගැනීමට උත්සහා කෙරේද යන්න පිළිබඳව පුළුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද ඔඩ්ඩුසුඩාන් පොලීසිය පැවසීය.
868 Views
Comments