ඇඟලූම්හල් සේවිකාවන් ගෙනගිය බසය තවත් බසයක පසුපස ගැටී 25කට තුවාල
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
24

ඇඟලූම්හල් සේවිකාවන් ගෙනගිය බසය තවත් බසයක පසුපස ගැටී 25කට තුවාල

ඇඟලූම්හල් සේවිකාවන් ගෙනගිය බසය තවත් බසයක පසුපස ගැටී 25කට තුවාල

ඇඟළුම් කම්හල් සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ලංගම බස් රථයක් ඊයේ(23) අලූයම කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේදී එකිනෙක ගැටී එම බස් රථයේ රියැදුරු ඇතුළු සේවක සේවිකාවන් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පවසයි.

 

පාතකඩ සිට කහතුඩුවට ඇඟලූම් කර්මාන්ත ශාලාවකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථය ඉදිරියෙන් ගමන් ගත් ලංගම බස් රථය වෙනත් වාහනයකට යෑමට ඉඩ දීම සඳහා තිරිංග යෙදීම හේතුවෙන් මෙම අනතුරව ඇතැයි පොලිසිය කියයි.

 

ඇඟලූම් සේවක බසයේ රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී තිබෙන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙකු පැවැසීය. 

 

ලංගම බස් රථයේ කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇඟලූම්හල් බස් රථයේ රියැදුරු සහ කාන්තාවන් තිදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු තුවාලකරුවන් වෑතර රෝහලට ඇතුළත් කර තිබේ.

views

754 Views

Comments

arrow-up