වයෝවෘද්ධ කතට ලිංගික අතවර කර සැඟව සිටි චූන් පාන් රියැදුරුට වැඩ වරදී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

වයෝවෘද්ධ කතට ලිංගික අතවර කර සැඟව සිටි චූන් පාන් රියැදුරුට වැඩ වරදී

වයෝවෘද්ධ කතට ලිංගික අතවර කර සැඟව සිටි චූන් පාන් රියැදුරුට වැඩ වරදී

නිවසකට ඇතුළුවී 84 වියැති මහලු කාන්තාවකට ලිංගික අතවර සිදුකර ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකු මාස අටකට පසු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.

 

එම පුද්ගලයා ජංගම බේකරි නිශ්පාදන අලෙවියේ යෙදුණු පළමු දිනයේම මෙම අපරාධය සිදුකර තිබිණි.

 

පසුගිය පෙබරවාරි මස 28 වන දින මෙම සිදුවීම වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයේදී සිදුවී ඇති බවත් එදින සිට සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් විවිධ තැන්වල සැඟවෙමින් කුලී රැකියා කර ඇති බවත් වින්දිත කාන්තාවට මෙම අපරාධය සිදුකර තිබෙන්නේ කලක් එම ප්‍රදේශයේ තැන තැන දෛනික කුලී රැකියා කරමින් සිටියදී එක් දිනක් බේකරියක චුන් පාන් රථයක තාවකාලික රියදුරෙකු ලෙස කටයුතු කරමින් සිටියදී බවත් එදින සිට පළාගොස් සැඟව සිටි සැකකරු සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාස කිහිපයක පමණ කාලයක සිට විමර්ශන සිදුකර හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුව අත්අඩංගුවට ගත් බවත් එම ඒකකයේ නිලධාරින් සඳහන් කරයි. 


අත්අඩංගුවටගත් සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 

views

1343 Views

Comments

arrow-up