රට වැසීම හැර වෙන විකල්ප නැහැ - සජිත් ප්‍රේමදාස

මේ වන විට පවතින දැඩි කොරෝනා වසංගතය හමුවේ වහාම රට වසා දැමීම හැර ජනතාව ජීවත්කිරීම සඳහා මේ මොහොතේ වෙන කිසිදු විකල්පයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ අතර කොවිඩ් මර්දන නිසි අයුරින් සිදු නොවන බව පවසමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් අද විරෝධතාවයක ද නිරත විය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවයට එක් වූයේ සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර, මුජිබර් රහුමාන් සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ය.
781 Views
Comments