කතරගම පාසල් දෙකක සිසුන් දෙදෙනකුට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

කතරගම පාසල් දෙකක සිසුන් දෙදෙනකුට කොරෝනා

කතරගම පාසල් දෙකක සිසුන් දෙදෙනකුට කොරෝනා

කතරගම ප්‍රදේශීය පිහිටි පාසල් දෙකක සිසුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

 

එම ප්‍රදේශයේ පැවති වමංගල්‍ය උත්සවයකට බණ්ඩාරගම ප්‍රදේශයෙන් පැමිණි බව කියන කිහිපදෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු PCR සිදුකර තිබෙනවා.

 

එම ප්‍රතිඵල අනුව මෙම පාසල් සිසුන් දෙදෙනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 

ආසාදිත අයගෙන් එක් සිසුවෙක් රගම ජනාධිපති විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර අනෙක් සිසුවා සෙල්ල කතරගම මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

 

කොරෝනා ආසාදිත බවට තහවුරු කර ගැනීමත් සමග අද උදෑසන දෙමව්පියන් ගෙන්වා ඔවුන් යළි නිවෙස් වෙත යොමුකර තිබෙනවා.

views

622 Views

Comments

arrow-up