හිරේ ඉන්න අම්මා පුතා මාර්ගයෙන් කළ කුඩු ජාවාරම මාට්ටු - ඔත්තු බැලූ පාසල් සිසුන්ට පගාවට කොත්තු දීලා

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ හෙයියන්තුඩුව මාබිම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය හෙරොයින් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් සපුගස්කන්ද පොලිසිය විසින් ඊයේ වටලා සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20ක් සහ මෙම ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් සමග විදුලි තරාදියක් පොලිසිය භාරයට ගෙන තිබේ.
මත්කුඩු සම්බන්ධ වරදකට බන්ධනාගාරගතව සිටින මාතලේ පච්චේ රමණි නම් කාන්තාව විසින් බන්ධනාගාරයේ සිටම තම වැඩිමහල් පුතු වන නඩේෂන් නිශ්ශංක හරහා උපදෙස් ලබාදෙමින් සිය පවුලේ ඥාතීන් සමග මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මොවුන් මෙම ජාවාරම කරන අතරතුරේ දී ඔත්තු බැලීමට යොදාගෙන ඇත්තේ පාසල් යන වියේ පසුවන කුඩා දරුවන් හතර දෙනෙකි. ඔත්තු බැලීමේ කාර්යය සඳහා ඔවුන්ට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ සිසිල් බීම ලබා දී ඇත. මෙම දරුවන් වයස අවුරුදු 11, 14, 16 යන වයස්වල පසුවේ.
අත්අඩංගුවට ගත් බාල වයස්කාර දරුවන් පරිවාස බාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනෙකුත් සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරනු ඇත.
source : divaina
1124 Views
Comments