අන්තර්ජාල සේවා මන්දගාමීයි කඩිනමින් යථාවත් කරන්න

මේ දිනවල අන්තර්ජාල සේවාවන් වල වේගයන් ඉතාමත් මන්දගාමීව සිදුවන බවට නිරීක්ෂණය වී ඇති බවත් එම තත්ත්වයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලා සිටිනවා.
මේ සිදුවීම් හේතුවෙන් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතුවල හා සේවා කටයුතුවල නිරත වන පිරිස් මහත් අපහසුතාවයට පත්වී ඇති බවට පැමිණිලි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලැබී ඇති බව ද ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන් සියල්ලන් සඳහා සේවා සැපයීමට ලංකාවේ දැනට පවතින ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජයට පෙන්වා දී තිබෙනවා.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධානය යොමු කොට නොමැති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා නිවදනයක් නිකුත් කරමින් පවසා සිටියා.
මෙරට ආර්ථිකය යළි නගාසිටුවීමට ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායක ලෙස යොදා ගැනීම රජයේ වගකීමක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය, ඒ සඳහා අත්‍යවශ්‍ය වන වේගවත් අන්තර්ජාල පහසුකම් ලාංකික ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා.
1359 Views
Comments