කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ දින 10 ක් වසා දැමීමට සැරසෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
19

කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ දින 10 ක් වසා දැමීමට සැරසෙයි

කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ දින 10 ක් වසා දැමීමට සැරසෙයි

මැයි මස 21 වන දා රාත්‍රී 12.00 සිට මැයි මස 31 වන දා රාත්‍රී 12.00 දක්වා දින 10ක කාලයක් කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් වසා දැමීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව එම කාලසීමාව තුළ කිසිදු ගුවන් මගියකුට හෝ සංචාරකයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර නොලැබෙන අතර කාලසීමාවේදී පෙර සැලසුම් කර පරිදිම අත්‍යවශ්‍ය සේවාවන් සහ මෙරටින් පිටත්වන ගුවන් සේවාවන් ක්‍රියාත්මක වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

 

එමෙන්ම කාලසීමාව තුළ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා සියලු සේවාවන් සපයනු ලබන බවයි ගුවන් තොටුපොළ නිලධාරියෙකු පැවසුවේ.

 

මේ අතර ඊයේ රාත්‍රියේදී මෙරට මගින් 19 දෙනෙකු සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 16 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක්ද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණා.

 

රට තුළ ව්‍යාප්ත වන කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් පසුගිය දින කිහිපය තුළ විදෙස්ගතව සිට මෙරටට පැමිණි පිරිස් අතර සිට covid-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් හඳුනා ගෙන තිබුණා.

views

2495 Views

Comments

arrow-up