සංචරණ සීමා පිළිබඳව නවතම මාර්ගෝපදේශ මාලාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

සංචරණ සීමා පිළිබඳව නවතම මාර්ගෝපදේශ මාලාවක්

සංචරණ සීමා පිළිබඳව නවතම මාර්ගෝපදේශ මාලාවක්

අන්තර් පලාත් සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ පොදු ක්‍රියාකාරකම් කළ හැකි යුතු ආකාරය පිළිබඳව නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වී ඇත.

 

හෙට රාත්‍රි 11 සිට මැයි මස 17 වනදා දක්වා කිසිදු අත්‍යවශ්‍ය නොවන සංචරණයකට අවසර හිමි නොවේ.

 

ඉන් පසුව මැයි 31 දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 තෙක් ද සංචරණයට අවස්ථාව හිමිවන්නේ නැහැ.

 

17 වන දායින් පසු සංචරණ සීමා නොපැවැත්වෙන නො පැවැත්වෙන කාලසීමාව තුළ එක් නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට අනුව නිවසින් බැහැර වීමට අවසර හිමිවෙයි.

 

ඒ අනුව අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔබට නිවසෙන් බැහැර වීමට අවසර හිමිවන්නේ ඔත්තේ දිනයක පමණි. (උදා: 19,21,23)

 

ජාතික හැදුනුම්පත ඒ අවසාන අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඔබට ඉරට්ටේ දිනයක නිවසින් බැහැර විය හැකියි. (උදා. 20, 22, 24)

 

 

 

 

 

 

 

views

591 Views

Comments

arrow-up