ධම්මික පැණියේ සාර්ථකත්වයත් නැති බව සායනිකව තහවුරු වේ

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් හඳුන්වා දුන් කොවිඩ් පැණිය වෛරසයට එරෙහිව සාර්ථකත්වයක් නොදක්වන බව සායනික පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර ඇත.
මෙම සායනික පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් රෝගීන් 68 දෙනෙකු ඉදිරි ඉදිරිපත් වී තිබුණු අතර ඉන් 31 දෙනෙකුට ධම්මික බණ්ඩාර මහතාගේ පැණියද ඉතිරි 37 දෙනාට සාමාන්‍ය ප්‍රතිකාර පමණක්ද ලබාදී තිබුණි. දින හතරක් අවසානෙදි පැණිය ලබාගත් හා සාමාන්‍ය ප්‍රතිකාර ලබාගත් පුද්ගලයන් යන නියැදි දෙකෙන්ම පස්දෙනා බැගින් සුව වීම නිසා ධම්මික බණ්ඩාර මහතාගේ පැණියෙන් විශේෂිත බලපෑම්ක් සිදු නොවුණු බවට නිරීක්ෂණය වී තිබේ.
එමෙන්ම පැණිය ලබාගත් සහ නොගත් රෝගීන්ගේ ජෛව රසායනික මිනුම් අතර ද වෙනසක් නොමැති බව පෙනී ඇත.
කෙසේ නමුත් මෙම පැණි නිර්මාණය කළ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසන්නේ තමන් මෙම වාර්තාව පිළි නොගන්නා බවයි.
මෙම පැණිය පසු පසුගිය කාලයේ රුපියල් 10,000 ක් වැනි මුදලකට අලෙවි විය.
653 Views
Comments