මනාලියට කොරෝනා ආසාදිතයි - මනාලයා සහ රෙජිස්ටාර් නිරෝධායනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

මනාලියට කොරෝනා ආසාදිතයි - මනාලයා සහ රෙජිස්ටාර් නිරෝධායනට

මනාලියට කොරෝනා ආසාදිතයි - මනාලයා සහ රෙජිස්ටාර් නිරෝධායනට

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ වේයන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි තරුණියක් සහ බියගම සියඹලාපේ උතුර ප‍්‍රදේශයේ පදිංචි තරුණයකුගේ විවාහය ඉකුත් 02 දා සිදු කර තිබූ අතර ඊට දින දෙකකට පසුව අදාළ තරුණිය කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබුණා.

ඒ හේතුවෙන් විවාහය ලියාපදිංචි කළ සපුගස්කන්ද, ගෝනවල ප‍්‍රදේශයේ විවාහ රෙජිස්ට‍්‍රාර් සහ එම විවාහයට සාක්ෂි සඳහා අත්සන් තැබූ දෙදෙනාද මනාලයා සමග පසුගිය 10 වෙනිදා සිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා ප්‍රකාශ කළා

කෙසේවෙතත් ඉකුත් 10 වැනිදා ඔවුන් දෙල්ගොඩ, මහජන ක‍්‍රීඩාංගණයේදී පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති අතර එහිදී අනාවරණය වී තිබුණේ ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවයි.

නමුත් ඔවුන් ස්වයං නිරෝධායනට යොමු කර නැවත අද දිනයේ මනමාලයාට සහ ලඟම ආශ්‍රිතයින් දෙදෙනෙකුට යළිත් පී.සී.ආර්. පරීක්ෂණය සිදු කරන බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියා

 

views

1018 Views

Comments

arrow-up