JUN
26
තමිල්නාඩු කඳවුරක සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවි නසා ගැනීමට තැත් කරයි

තමිල්නාඩු කඳවුරක සිටි ශ්‍රී ලාංකිකයන් තිස් දෙනෙකු දිවි නසා නසාගැනීමට තැත් කිරීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පිරිස පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙලෙස දිවි නසා ගැනීමට උත්සාහ කර තිබුණා.
විවිධ අපරාධ චෝදනා හේතුවෙන් සරණාගතයින් රඳවා තබන කඳවුරක රඳවා තැබූ මෙම පිරිස තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දින කිහිපයක් උපවාසයකද නිරත වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පිරිස පෙති වර්ගය පානය කිරීමෙන් පසුව රෝහල් ගත කර ඇති අතර තත්ත්වය අසාධ්‍ය නොවන බවයි වාර්තා වන්නේ.
231 Views
Comments