පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව රනිල්ට කැමති අය පත් කරන්න දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
14

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව රනිල්ට කැමති අය පත් කරන්න දෙයි

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව රනිල්ට කැමති අය පත් කරන්න දෙයි

රටට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ නියෝජනයක් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් ලබා දීම පිළිබඳ කිසිදු ගැටළුවක් නැතැයි එම පක්ෂය ප්‍රකාශකයෙක් උපුටමින් මව්බිම පුවත්පත සඳහන් කර ඇත.

 

අග්‍රාමාත්‍යවරයා පරිණත දේශපාලනඥයෙක් නිසා රටේ වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නේ නම් තම පක්ෂය ඊට සහාය දෙන බව ද මේ අවස්ථාවේදී රට ශක්තිමත් කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකඟ විය යුතු බවද ඔහු සඳහන් කර ඇත.

 

පක්‍ෂයේ අඩුපාඩු ඇත්නම් ඒවා සකස් කරගෙන ඉදිරි මැතිවරණයට මුහුණ දීමට සූදානම් බව ද සඳහන් කර ඇති එම ප්‍රකාශකයා පක්ෂයට මේ මොහොතේ අවශ්‍ය පක්ෂය දියුණු කරගැනීමට වඩා රටේ අර්බුද විසඳීම වෙනුවෙන් ප්‍රමුඛත්වය දීම බවද සඳහන් කර තිබේ.

 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ඉදිරියේදී තම පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි. ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා නව අග‍්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙලට සහාය දෙන බව ද ඔහු සඳහන් ක

views

747 Views

Comments

arrow-up