“සජිත් අගමැති වෙලා අනුර මුදල් ඇමති වෙන්න, සම්පූර්ණ සහය අපි දෙන්නම්” - ප්‍රසන්න රණතුංග

උද්ඝෝෂණ හෝ හර්තාල් කිරීමෙන් රට තවත් අර්බුදයට යනවා මිස ඩොලර් හෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබීමක් සිදු නොවන බවත් විපක්‍ෂය ආණ්ඩුව භාර ගන්න කැමති නම් ඇමැති ධුර අත්හැරීමට ඕනෑම වේලාවක සූදානම් බවත් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (06 ) පෙරවරු 10.00 ට රැස්විණි.
712 Views
Comments