පිරිත අවභාවිත කල පලමු අගමැති මහින්ද - මහා සංඝ රත්නයේ දැඩි විරෝධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
30

පිරිත අවභාවිත කල පලමු අගමැති මහින්ද - මහා සංඝ රත්නයේ දැඩි විරෝධය

පිරිත අවභාවිත කල පලමු අගමැති මහින්ද  -  මහා සංඝ රත්නයේ දැඩි විරෝධය

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් අරලිය ගහ මන්දිරය ආසන්නයේ කඳවුරු බැඳගෙන සිටින විරෝධතාකරුවන්ට බාධා වන අයුරින් මහ හඬින් පිරිත් දමා තිබීම පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ දැඩි විරෝධය පළ කළහ.‍

 

 

අද කොළඹදී පැවති සර්ව ආගමික නායකයින්ගේ මාධ්‍ය හමුවකදී උන් වහන්සේ ප්‍රකාශ කළේ, මෙය පිරිත් අවභාවිත කිරීමක් බව ය.

 

 

“අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විශාල පිරිසක් ඒකරාශී වෙලා කඳවුරු බැඳගෙන ඉන්නවා අගමැතිවරයාට ගෙදර යන්න කියල. ඔවුන්ට බාධා කරන්න අද පාර දිගේ දෙපැත්තෙ පේව්මන්ට්වල බස් නවත්තලා, ඒ වගේ ම පිරිත අවභාවිතයට පත් කරලා තියෙනවා. ඒක විශේෂයෙන් අපි සඳහන් කරන්න නේ. මෙතෙක් කාලයක් අරලිය ගහ මන්දිරයෙන් කොළඹට නෑසුණු පිරිත්, දැන් විශේෂයෙන් පිරිත බාධාවක් බවට පත් කරලා අප්‍රසන්න කරලා ඒක ආයුධයක් බවට පත් කරලා තියෙන එක ගැන මහා සංඝ රත්නයේ විරෝධය ජාතිය ඉදිරියේ තබන්නට බලාපොරොත්තු වෙනවා.”

views

629 Views

Comments

arrow-up