ඉතියෝපියාවෙත් ගෑස් දෙන්නේ සතියට එක දවසයි..! – බන්දුල
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
23

ඉතියෝපියාවෙත් ගෑස් දෙන්නේ සතියට එක දවසයි..! – බන්දුල

ඉතියෝපියාවෙත් ගෑස් දෙන්නේ සතියට එක දවසයි..! – බන්දුල

ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මේ වනවිට ආර්ථික අර්බුදවලට සහ භාණ්ඩ හිඟයකට මුහුණ පා සිටින බවත් ඊට හේතුව කොවිඩ් වසංගතය සහ යුක්‍රේන – රුසියා යුද්ධය බවත් හිටපු වෙළඳ අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

 

ඒ, ඊයේ (22) දින පාර්ලිමේන්තුව අමතමින්.

 

“1930න් පස්සේ ලෝකයේ ඇතිවෙලා තියෙන දැවැන්තම ආර්ථික අර්බුදයට මේ වෙනකොට ලෝකයේ රටවල් මුහුණ දෙනවා කොවිඩ් 19 වසංගතය කරණකොටගෙන. ලෝකයේ ප්‍රබලම රාජ්‍යය වන ඇමරිකා එක්සත් ජනපදයේ 2008න් පස්සේ වැඩිම උද්ධමන අනුපාතය වාර්තා කරන්නේ මේ අවස්ථාවේ.

 

ලෝකයේ අනෙකුත් රටවලත් ඉතා විශාල ලෙස – නූල කැඩුණු සරුංගලයක් වගේ – භාණ්ඩ මිල ඉහළ යනවා. විශේෂයෙන් මෑතකදී ඇතිවෙච්ච යුක්‍රේන් – රුසියා අර්බුදයත් සමග මුළු ලෝකය පුරාම දැවැන්ත භාණ්ඩ හිඟයක් ඇතිවෙනවා.

 

ඉතියෝපියාව ගත්තොත් ඉතියෝපියාව මෑතක සිට වේගයෙන් සංවර්ධනය වෙන රටක්. සතියකට එක දවසයි ගෑස් දෙන්නෙ. සතියකට දවස් දෙකයි පෙට්‍රල් දෙන්නෙ”

views

625 Views

Comments

arrow-up