කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
08

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්

ඊයේ (08) රාත්‍රියේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇත.

 

ඊයේ (08) රාත්‍රී 7.30ට පමණ කෙසෙල්වත්ත පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් වීදියේ පිහිටි නිවසකට ඇතුළු වූ මුහුණ ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් තිබේ.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

 

එලෙස වෙඩි වැදීමකට ලක්ව ඇත්තේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

 

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

 

views

232 Views

Comments

arrow-up