කියන දේ අහන්නැතුව රට වටේ ගිය ෂර්මිලාට වනජීවි ඇමති කරන්න යන දේ...? - (PHOTOS)

සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මියට සේවයට වාර්තා නොකරන ලෙසට වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම නිසා එම දෙපාර්තමේන්තුව තුළ ලොකු ගැටුම්කාරී තත්වයක් මතුවී ඇතැයි වාර්තා වෙනවා.
මේ තත්වය නිසා සේවක කණ්ඩායම් අතරද දැඩි නොසන්සුන්කාරී තත්වයක් මතුවී තිබෙන බව දැනගන්නට ලැබී තිබෙනවා.
සේවයට වාර්තා නොකරන ලෙස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ශර්මිලා රාජපක්ෂ මහත්මියට මෙලෙස දැනුම්දී ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තෙක් බව අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පත් කෙරුණු කමිටුවක් මේ දිනවල විමර්ශනයක් පවත්වාගෙන යයි.
අමාත්‍යාංශ ලේකම්වරයා ඇයට සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කරමින් කටයුතු කරන බව වාර්තා වෙනවා.
ඇය පින්නවල අලි අනාථාගාරයටද ගොස් එහි කටයුතු නිරීක්ෂණය කර ඇතැයි දැනගන්නට ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ රාජපක්ෂ මහත්මියගේ මෙම ක්‍රියා ක්‍රියාකලාපය ඇයගේ යහපතට මෙන්ම ආයතනයේ පැවැත්මටද අහිතකර එකක් බවයි.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම්දීම ඇය සැලකිල්ලට ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ සම්බන්ධයෙන් අප සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ අනුදැනුම මත තමා සේවයට වාර්තා කළ බවයි.
සේවයට වාර්තා නොකරන ලෙස තමාට කිසිවකු දැනුම්දී නැතැයිද ඇය පැවසුවා.
සොරකම් සිද්ධීන් ගණනාවක් සහ සතුන්ගේ මරණ සම්බන්ධයෙන් තමා කළ පැමිණිලි අනුව දැනට පරීක්ෂණ තුනක් පැවැත්වෙන බවත් මේ පරීක්ෂණවලින් සත්වෝද්‍යානයේ සිදුවී ඇති සියලු දේ අනාවරණය වනු ඇති බවත් රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළා.
දූෂණ වංචා සම්බන්ධයෙන් තමාට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත්වී නැතැයි ඇය වැඩිදුරටත් පැවසුවා.
01.
02.
03.
04.
1153 Views
Comments