සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට විශේෂ අවස්ථාවක්

2020 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් නොලැබූ දරුවන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදී රැකියා සඳහා යොමු කිරීමට විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.
මෙම වැඩසටහන මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබයි.
ගණිත විෂය අසමත් නමුත් සමත් වීමේ පදනම මත උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් හැර අනෙක් සිසුන් මෙම වැඩසටහනට සහභාගි කර ගනු ඇති.
මෙම දරුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් හඳුනාගෙන ඔවුන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව වෘත්තීය පුහුණුව ලබා දීමටයි නියමිතව ඇත්තේ.
779 Views
Comments