සුප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියාගේ බිරිඳ කෝටි ගණනක දේපළ අරන් පැන ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
10

සුප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියාගේ බිරිඳ කෝටි ගණනක දේපළ අරන් පැන ගිහින්

සුප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියාගේ බිරිඳ කෝටි ගණනක දේපළ අරන් පැන ගිහින්

මෙරට ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිඳ රුපියල් කෝටි දෙකක දේපල සහ සිය දරුවන් දෙදෙනා  රැගෙන පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව මුල්ලේරියාව පොලීිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ(10) කරුණු වාර්තා කර තිබේ.

 

පවුම් 47ක් වන රන් ආභරණ මෙන්ම මුදලින් රුපියල් ලක්ෂ 140කට අධික මුදලක්ද සමඟ තම බිරිඳ දරුවන් දෙදෙනාද රැගෙන පලා ගොස් ඇතැයි මෙම සිද්ධියට අදාළව පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකු බව මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

 

වයස අවුරුදු දෙකහාමරක් සහ වයස අවුරුදු එකහාමාරක් වන තම දරුවන් සිය බිරිඳ විසින් රැගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ සදහන් වන බවද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

 

මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, දරුවන් සහ දේපල රැගෙන යාමට බිරිඳට අයිතියක් නැතිද? යන්නයි. 

 

එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා මෙම තැනැත්තිය දේපල කොල්ලකා පලාගොස් තිබෙන බවත් මේ වන විට විදෙස් ගතවීමට උත්සාහ දරමින් සිටින බවත් පවසා සිටියේය. 

 

එබැවින් ඇයගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කළේය.

 

දරුවන් සහ දේපල රැගෙන යාමට නිත්‍යානුකූල බිරිඳකට අයිතියක් ඇති බවත් ඒ හේතුවෙන් එම තැනැත්තියගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බවත් කී මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

views

67227 Views

Comments

arrow-up