මරණ මංචකය පෙනි පෙනි නිවැසියන් දරුවාට යාඥා කරලා - දරුවා මිය යාමට දෙමව්පියන් අත්අඩංගුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
10

මරණ මංචකය පෙනි පෙනි නිවැසියන් දරුවාට යාඥා කරලා - දරුවා මිය යාමට දෙමව්පියන් අත්අඩංගුවේ

මරණ මංචකය පෙනි පෙනි නිවැසියන් දරුවාට  යාඥා කරලා - දරුවා මිය යාමට දෙමව්පියන් අත්අඩංගුවේ

බඩල්ගම  පදිංචිව සිටි දස හැවිරිදි පිරිමි දරුවෙකු සිය නිවසේ  කාමරයක ඇඳ මත මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

 

දරුවාගේ උගුරේ සෙම සිරවීම මරණයට හේතුව වන බවත් කෙසේ නමුත් දරුවා ආසාධ්‍යව සිටියද නිවැසියන් ඔහුව ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් නොමැති බවද වාර්තා වෙනවා.

 

ඔවුන් දරුවා රෝහලක් වෙත රැගෙන නොගොස් යාඥා කටයුතු සිදු කරමින් සිට ඇති බවත් ඒ අතර දරුවා මිය යන්නට ඇති බවත් පොලිසිය සැක කරනවා..

 

මෙම නිවසින් දුර්ගන්ධයක් ඒම මතයි අසල්වැසියන් මේ පිළිබඳ පොලිසිය දැනුවත් කොට ඇත්තේ.

 

මේ චෝදනාවන්ට දරුවාගේ මව පියා සහ මිත්තණිය අත්අඩංගුවට ගැණුනා.

views

820 Views

Comments

arrow-up