“කොවිඩ් වලට වඩා ඩෙංගු වේගයෙන් පැතිරෙනවා” - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

කොවිඩ් වෛරසයට වඩා ප්‍රබලව සහ සීඝ‍්‍ර ලෙස රට පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ(28) සඳහන් කළේය.
මදුරු ඝනත්වය ඉහළ යෑමත් සමඟ ඩෙංගු රෝගය වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන බවත් එය අනෙකුත් පළාත් හා සසඳන විට බස්නාහිර පළාතේ වැඩි අගයක් පෙන්නුම් කරන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම තත්ත්වය තේරුම් ගෙන ඩෙංගු මර්දනය සඳහා මේ මොහොතේ ප්‍රමුඛත්වය ලබාදිය යුතුව ඇතැයිද කී ඒ මහතා කොවිඩ් පසු පසම දිව යෑම කාලෝචිත නොවන බවද සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,
මේ වෙලාවේ කොවිඩ් ජාන විශ්ලේෂණ පසු පසම දිව යෑම කාලෝචිත නැහැ. ජාන විශ්ලේෂණ වැදගත් වෙන්නේ එක් එක් ප්‍රභේද වල විශාල විකෘතිතා පවතිනවා නම් පමණයි. දැනට ඇල්ෆා, ඔමික්‍රෝන් විශාල විකෘති වාර්තාවී නැහැ.
ඒත් අපේ රටේ මේ වෙලාවේ ලොකුම අවධානම පවතින්නේ ඩෙංගු රෝගයට. ඩෙංගු රක්තපාත තත්ත්වය පිළිබඳව මේ වනවිට රෝගීන් විශාල ලෙස වාර්තා වෙනවා. සෞඛ්‍ය අංශ හැමෝම එක්ව සූදානම් විය යුත්තේ වහාම ඩෙංගු මර්දනය සඳහායි.”
651 Views
Comments