කොළඹ සුපිරි හෝටල් කාමර දෙකක් කුලියට ගෙන සුපිරි ගේම් දුන් කල්ලියේ 7ක් දැලේ

කොළඹ සුපිරි තරු හතේ හෝටලයක මාස දෙකක් තිස්සේ කාමර දෙකක් වෙන්කරගෙන දිනකට ලක්ෂ 02 බැගින් වියදම් කරමින් ජාවාරම් රැසක් සිදුකළ අපරාධ කල්ලියක ප්‍රධාන සැකකරු සහ තවත් 06 දෙනෙකු පසුගිය 20වනදා රාතී‍්‍ර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කල්ලියේ ප්‍රධානියා මහනුවර පදිංචි පී. ස්ටෙෆාන් නමැති 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙක් සාමාජිකයින් අවුරුදු 20 - 28 ත් අතර වයස්වල පසුවන්නන්වේ.
ප්‍රධාන සැකකරු සතුව තිබූ ටැබ් පරිගණක දෙකක් පොලිසිය අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී දිනකට රුපියල් ලක්ෂ 10 බැගින් ගිණුම්ගත වන බවට සටහන් වුවත් එම මුදල් ගිණුම්ගත වන ආකාරය හෙළිවී නොමැති බව පොලිසිය පවසයි.
මෙම ප්‍රධාන සැකකරු විවිධ පුද්ගලයින් නමින් ගිණුම් පවත්වාගෙන යමින් සකස් කළ බැංකු පොත් 22ක් සහ මුදල් ලබාගැනීම සඳහා භාවිතා කළ බැංකු කාඩ්පත් 58ක්, හැඳුනුම්පත් 11ක්, සීම් කාඩ්පත් 08ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෑතකදී ටවුන්හෝල් ප්‍රදේශයේ මෝටර් රථගාලකදී පොලිස් කොස්තාපල්වරයෙකු යටකර පලායෑම සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් මාස කීපයක සිට සිදුකරන ලද ආවේක්‍ෂණ රාජකාරියේදී මෙම ප්‍රධාන කල්ලිය තරුපහේ හෝටලයේ උපන්දින සාදයක් පවත්වන බවට තොරතුරු ලබාගෙන ඇත.
ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන වැටලීම සිදුකර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් සමග “කුෂ්” සහ “අයිස්” කොකේන් සහ මත්පෙතිද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කල්ලියේ ප්‍රධානියාට දිවයිනේ ප‍්‍රදේශ රැසක අධිකරණවල නඩු පවතින බවද හෙළිකරගෙන ඇති අතර ඇතැම් සැකකරුවන් නම් කිහිපයකින් සමාජයේ පෙනී සිට ඇති බවට සනාථවන හැඳුනුම්පත් හමුවීඇත.
මෙම වැටලීමේදී කාන්තාවන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ඊයේ(21) දහවල් වන තෙක් ප්‍රකාශ ලබාගනිමින් තිබුණි.
ප්‍රධාන සැකකරු සතුව තිබූ රුපියල් තුන්ලක්ෂ හතළිස් එක්දහසක පමණ මුදලක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
5116 Views
Comments