කිලිනොච්චියේ කලපුවක සහ ඇලක මරණ දෙකක්

කිලිනොච්චිය කේදාරිමුනෙයි කලපු ප්‍රදේශයේදී සහ පණ්නංකණ්ඩි ප්‍රදේශ වල මරණ දෙකක් වාර්ථා වී ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය පණ්නංකණ්ඩි ප්‍රදේශයේ ඉරණමඩු වැවේ ජලය ගලා යන ප්‍රධාන ඇලක තිබී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් තිබී සොයාගෙන ඇත.
මියගොස් සිටි පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මිය ගිය පුද්ගලයා හඳුනාගැනීමටද කිසිවෙක් ඉදිරිපත් වී නොමැති බවද පරික්ෂණ මෙහෙයවන කිලිනොච්චිය පොලීසිය පවසයි.
මේ අතර කිලිනොච්චිය කේදාරිමුනෙයි කලපු ප්‍රදේශයේ මිතුරන් සමඟ දිය නෑමට ගිය යාපනය මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකුද දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.
වයිකුන්දරාසා ප්‍රතාප් නැමත්තා මිතුරන් සමඟ කලපුවේ දිය නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට මූලික පරික්ෂණ වලදී අනාවරනය වී තිබේ.
810 Views
Comments